විදුහල්පති පණිවිඩය

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය කලාපයේ පස්ගොඩ අධ්‍යාපන කොට්ඨාශයට අයත් මාර/ගින්නලිය මහා විද්‍යාලය ප්‍රදේශයට මෙන්ම රටට ලෝකයට වැඩදායී පුද්ගලයින් සිය දහස් ගණනක් දායාද කොට ඇති කීර්තිමත් විදුහලකි.
මෙහි ඉගෙනුම ලබන දරු දැරියන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කලාප,පළාත් හා සමස්ථ ලංකා මට්ටමේ ජයග්‍රහණ අත්පත් කරගෙන ඇති බව ඉතාමත් සතුටින් සිහිපත් කරමි.
තවද නව තාක්ෂණය සවිය කරගත් නූතන පරපුරටත් හැකි සෑම අයුරින් ම දිරියක් වෙමින් ඔවුන්ව ජය ටැඹ කරා මෙහෙයවීම අපගේ පාසලේ සුවිශේෂ ම පරමාර්ථයයි.
අප පාසල සතු මිලකල නොහැකි පුද්ගල සහ භෞතික සම්පත් වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම ලෙස භාවිතා කිරීමට මෙම වෙබ් අඩවිය මහඟු පිටුවහලක් වෙනු ඇත යන්න මාගේ විශ්වාසයයි.මෙම වෙබ් අඩවිය හරහා පාසල හා සම්බන්ධ විවිධ පාර්ශවයන්ට වඩාත් ඵලදායී ලෙස අදහස් හුවමාරු කර ගැනීමටත් පාසල හා සම්බන්ධ තොරතුරු දැනගැනීමටත් පහසුවෙන් හැකිවනු ඇත.එම නිසා අප පාසල හා සබැඳි ඔබ සියලුම දෙනාට අප පාසල් වෙබ් අඩවිය හා සම්බන්ධ වී මේ නවමු කර්තව්‍යය සාක්ෂාත් කරගැනීමට දායකත්වය සපයනමෙන් ආරාධනා කර සිටිමි.
මෙම මහඟු කටයුත්ත සාර්ථක කර ගැනීමෙහිලා ඇප කැප වී කටයතු කළ සියලුම දෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරන අතර දරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති,
ඩී. එස්. එන්. අමරජීව මයා
මාර/ගින්නලිය මහා විද්‍යාලය
ගින්නලිය
ඌරුබොක්ක