නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
මාර/ගින්නලිය ම.වි

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය කලාපයේ පස්ගොඩ අධ්‍යාපන කොට්ඨාශයට අයත් මාර/ගින්නලිය මහා විද්‍යාලය ප්‍රදේශය කීර්තිමත් ජයග්‍රහණය රැසකට උරුමකම් කියන පාසලකි. අප පාසලේ දැක්ම හා මෙහෙවර අනුව යමින් ජාතික හා අන්තර්ජාතික මට්ටමින් විශිෂ්ටයන් බිහි කිරීමට දායක වූ කීර්තිමත් විදුහලකි.ඉතා අවම පහසුකම් යටතේ දුෂ්කරතා රැසක් මධ්‍යයේ පවත්වාගෙන යන අප පාසලේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඒකකය දියුණු කිරීමට මහත් උත්සාහයක් ගනිමින් සිටියි.ඉන් එක් වැඩසටහනක් ලෙස පාසලට නිල වෙබ් අඩවියක් හඳුන්වාදීමේ මෙම සත්කාරය ඉතා වටිනා සංකල්පයක් ලෙස දකිමි.මේ මගින් අප පාසල පිළිබඳව තොරතුරු කිසිදු සීමාවකින් තොරව අන්‍යන් සමඟ හුවමාරු කර ගැනීමට අපට ලැබෙන මහඟු අවස්ථාවකි.එම නිසා මෙම කාර්යය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දෙන සියලුම පාර්ශවයන් වෙත මාගේ ස්තූතියි පුද කරන අතර එම කාර්යය හා නිරත වී සිටින දරු දැරියන්ගේ අනාගතය දිනෙන් දින දියුණු වේවායි ප්‍රාර්ථනා කරමි.
මෙයට,
විදුහල්පති නියෝජ්‍ය
කේ. ප්‍රියන්ත පියතිලක මයා
මාර/ගින්නලිය මහා විද්‍යාලය
ගින්නලිය
ඌරුබොක්ක