සිසු විනය සුරකිමු.
- සම්පූර්ණ නිල ඇදුමෙන් සැරසී පාසලට පැමිණිය යුතුය.
- කොණ්ඩය කැපීම හා හිස පීරීම පාසලට ගැලපෙන පරිදි කළ යුතුය.
- විදුහල්පතිතුමා හෝ ගුරුවරයෙක් පාසලට පැමිණෙන තෙක් උදේ පාසලට ඇතුළු නොවී ගේට්ටුව ළඟ රැඳී සිට ඔවුන් පැමිණීමෙන් අනතුරුව පාසලට ඇතුළු විය යුතුය.
- උදෑසන 7.15 වන විට පාසල්ට පැමිණිිය යුතුය.
- පාසලේ ගෞරවයට හානි නොවන ආකාරයේ කිසිදු ක්‍රියාවක නිරත නොවිය යුතුය.
- අන්සහෝදර සහෝදරියන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර,නිතර ඔවුන් ආරක්ෂා කළ යුතුය.
- විදුහල්පති ඇතුළු ව සියලු ආචාර්ය මණ්ඩලයට අවනත විය යුතු අතර ගරු කළ යුතුය.
- විවේක කාලයෙන් තොරව පාසලෙන් පිටත සිටිය නොහැකි අතර, පුස්තකාලයට,විද්‍යාගාරයට යන විට එකිනෙකා පිටු පිටුපස පේලළියට යා යුතුය.
- පාසලේ භෞතික සම්පත් සියල්ල ආරක්ෂා කළ යුතුය.
- පාසලට පැමිණීමෙන් අනතුරුව පාසල් කාලය තුළ අවසරයකින් තොරව පාසලෙන් බැහැර නොවිය යුතුය.
- තම පෞද්ගලික පිරිසිදුකම පිළිබඳව දින දිනපතා දැඩි අවධානයක් යොමු කළ යුතුය.
- කිසිම සිසුවෙකු පාසල් භූමිය තුළට ජංගම දුරකථන,සංයුතක්ත තැටි,වීඩියෝ පටි ගෙන ඒමෙන් සහ භාවිතයෙන් වැළකිය යුතුයි.
- පාසල් විවේක කාලයේ දී හැර ආපනශාලාවට යාමෙන් වැළකිය යුතුයි.
අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩලයේ ආචාර ධර්ම පද්ධතිය
1. ගුරුවරු සෑම විටම සිසුන්ගේ දැනුම ආකල්ප කුසලතා හා ජිවන පුරුදු වලින් යුතු මනා පෞරුෂයක් සිසුන් තුල ඇති කිරිමට ක්‍රියා කර යුතුය.
2. සෑම විටම පාසලට නියමිත වේලාවට පැමිණිය යුතුය.
3.පන්ති කාමරයට නියමිත වේලාවට පැමිණිය යුතුය.
4.පන්ති කාමරයේ සෑම සිසුවෙකු කෙරෙහිම අවධානය යොමු කළ යුතුය .
5.සිසුන් ජාතිය කුළ , දුප්පත් , පොහොසත් , ආගම් වශයෙන් වර්ග නොකළ යුතුය.
6.කාර්ය මණ්ඩලය පාසලට ගැලපෙන මනා ඇදුමකින් සැරසී පැමිණිය යුතුය.
7.අනවශ්‍ය මෝස්තරවලින් යුක්ත නොවිය යුතුය.
8.පාසල් කාලය තුළ බුලත්විට,දුම්පානය හා මත්පැන් පානය නොකළ යුතු අතර පාසල් පරිශ්‍රයට ඒවා ගෙනඒමෙන් වැළකිය යුතුය.
9.පාසලේ නායකත්වයට සැම විටම ගරුකරමින් කටටයුතු කළ යුතුය.
10.ගුරුවරුන්ගේ වත්කම් සිසුන් සමග ප්‍රකාශ නොකළ යුතුය.
11.ගුරුවරුන් සැමවිටම ඔවුන් පවත්වන ඉහළ නිලධාරී මිතුරු සම්බන්ධතා සිසුන් සමග ප්‍රකාශ නොකළ යුතුය.
12.අනෙකුත් ගුරුවරුන්ගේ නොහැකියාවන් හා අදක්ෂතා සිසුන් සමග ප්‍රකාශ නොකළ යුතුය.
13.කාර්ය මණ්ඩලයේ වාද-භේද සිසුන් සමග ප්‍රකාශ නොකළ යුතුය.
14.කිසිවිටෙකත් සිසුන් ලවා තම පුද්ගලික අවශ්‍යතා ඉටු කරවා නොගත යුතුය.
15.සිසුන්ගේ පෞද්ගලික ජීවිතයට බලපාන විනය ගැටලු තැන්තැන්වල ප්‍රකාශ නොකළ යුතුය.
16.සිසුන් ඉදිරියේ අනෙකුත් ගරු හා කාර්ය මණ්ඩලයට දොස් පවරා නොගත යුතුය.
17.ගුරුවරුන් සැම විටම සිසුන්ට ප්‍රිය වචනයෙන් ආමන්ත්‍රණය කළ යුතුය.
18.සිසුන් ඉදිරියේ අනෙකුත් ගුරු හා කාර්ය මණ්ඩලයට දොස් පවරා නොගත යුතුය.
19.ගුරුවරුන් සැම සැමවිටම සිසුන්ට ප්‍රිය වචනයෙන් ආමන්ත්‍රණය කළ යුතුය.
20.කිසි විටෙකත් සිසුන් ලවා තම පෞද්ගලික අවශ්‍යතා ඉටු කරවා නොගත යුතුය.