රන් එළි දල්වන ගින්නලි විදු බිම දිනුරෝහන පුරයෙන්
නමදිනු නිතියෙන පා හද බැති පෙම් අන්ජලි කරණීයෙන් //
කදුහෙල් සිඹ මදනල ගලනා
ඉදුනිල් ගගුලැල් සෙත් සලතා //
සුන්දර බර මල් කැන් පීදූ
පින්සර බිමකින් නෝ මෝදූ......
රන් එළි දල්වන...........
සිත් බැදලූ මොහොදුර පළවා
ප්‍රඥ්ලෝකය එහි මොලවා //
ඔවදන් දියරෙන් හද සේදූ
නව මං වෙත දෙනුවන් පෑදු
රන් එළි දල්වන........
පබැදුම - ආර්. සිරියාවතී මිය
තනුව - චන්ද්‍රසිරි සේදර හෙට්ටි මයා